ලුණු ගැන ඇමති හඳුන්නෙත්ති කියන කතාව
By Hashini
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ මෙරට ලුණු ලේවායවල් පිහිටා ඇති සෑම ස්ථානයකටම විශාල වර්ෂාපතනයක් පසුගිය කාලයන්හි ඇද හැලුනු බවයි.
ඒ හේතුවෙන් ලුණු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සාන්ද්‍රණය පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් රට තුළ ලුණු හිගයක් ඇතිව තිබෙන බව ද ඒ මහතා කියා සිටියා.
කාලගුණය පාලනය කිරීමට සේවකයන්ට නිලධාරීන්ට හෝ දේශපාලකයන්ට කළ හැකි දෙයක් නොවන බවද එනිසා ලුණු ආනයනය කිරීමට රජයට සිදුව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
නමුත් ඇතිවී තිබෙන තත්ත්වය මත ජනතාවට ලුණු කිලෝ එකක් වෙනුවට දහය පහළව රැගෙන යාමට අවස්ථා දිය නොහැකි බවත් ලුණු නිකුත් කිරීමේදී පාලනයක් ඇතිව එය කිරීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට පැමිණෙන ආනයනික පළමු ලුණු තොගය හෙට ලංකාවට ලැබීමට නියමිත බවයි.