ඉන්ධන මිල අඩුවෙයිද? මිල සංශෝධනය ගැන බලශක්ති අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී දුන් ඍජු පිළිතුර මෙන්න
ඉන්ධන මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවට පැවසීය.
කෙසේ වෙතත්, ගෝලීය මිල පහත වැටෙන විට ජනතාවට ඉන්ධන සඳහා සහනයක් ලබා දෙන බවට අමාත්‍යවරයා සහතික විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට මෙලෙස පිළිතුරු ලබා දී තිබේ
''ඉන්ධන සහනාධාරයක් මේ වෙද්දී ලබා දෙනවා ඒ සහනාධරය ලබා දෙන්නේ ඩීසල් ලීටරයක් සදහා රුපියල් 100 ක් ඒ වගේම ඔක්ටේන් 92 ලීටරයක් සදහා රුපියල් 20 බැගින් .එම සහනාධාර ලබාදෙන පදනම තමා අපි ඉස්සරලම ගණනය කරනවා ඒ ඒ සැපයුම් කරුගේ සැබෑ වියදම අපි ඒ ගොල්ලන්ගෙන් ලබා ගන්නවා
ඒ වගේම විකුණුම් මිල සහ සැපයුම් කරුවෙකුගේ මිල අතර වෙනස අනුව සහනාධාරය ලබා දෙන්න කටයුතු කරනවා . දැනට දෙන සහනාධාරය බිලියන 57 ක් වෙන් කරලා තියනවා .
ලෝක වෙළදපළේ තෙල් මිල අනුව ඉන්ධන මිල අඩු වීම ඒක තීරණය වෙනවා තාම තීරණයක් නෑගෝලීය වෙළදපළේ මිල අඩු වුණොත් අනිවාර්‍යෙන් ඒ සහනාධාරය ජනතාවට අනිවාර් යෙන් ලබා දෙනවා ''