බස් රියැදුරන් ගැන ඇමති බිමල් හෙළිකල තිත්ත ඇත්ත

Report

කොළඹ මෙන් ම බොහෝ තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්හි නිරත රියැදුරන්ගෙන් සියයට 60ක් පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කර තිබේ .

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේය.

අපි ජනතා විමුත්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට හිටියා වගේ කටයුතු කරන්නේ නෑ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ කට අරියි

අපි ජනතා විමුත්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට හිටියා වගේ කටයුතු කරන්නේ නෑ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ කට අරියි

එතුමා මේ පිළිබද තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්  

“2025 වසරේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2,700ක් මරණයට පත්වුණා. ඉන් 2000ක්ම පදිකයන් හා යතුරුපැදි ධාවකයෝ මෙන්ම යතුරුපැදි පසුපස යන්නෝ. මියගිය අයගෙනුත් සියයට 53ක් පිරිමි. මේ අනතුරුවලට වගකිවයුතු අයගෙන් සියයට 50ක්ම නොසැලකිලිමත් රියැදුරන්ගෙ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් බව පොලිස් පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ අය වෘත්තීයේ නියැළෙන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරලයි.”