නුගේගොඩ උණුසුම.. ටිරාන්ගේ සංවිධානයෙන් මහා ජන හඬේ සූදානම - [PHOTOS]

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රධාන විපක්ෂයේ පක්ෂ හා සංවිධාන එක්ව සංවිධානය කරන “මහා ජන හඬ” රැළිය සඳහා නුගේගොඩ ආනන්ද සමාකොන් එළිමහන් රංගපීඨය මේ වන විට සම්පූර්ණයෙන් සූදානම් කර තිබේ.

විපක්ෂය නියෝජනය කරමින් ටිරාන් අලස්, මහාචාර්ය ජී.එල්. පීරිස් , මහින්ද අමරවීර, දුමින්ද දිසානායක,  නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න, වජිර අබේවර්ධන, සාගල රත්නායක, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, ප්‍රසන්න රණතුංග ඇතුළු ප්‍රමුඛ දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් රංගපීඨයේ රැස්ව සිටිති.

රැළිය අද (21) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

නුගේගොඩ උණුසුම් වෙයි - තියන්නත් කළින්ම ජන රැළියේ ස්පීකර් පොලීසිය ගලවයි

නුගේගොඩ උණුසුම් වෙයි - තියන්නත් කළින්ම ජන රැළියේ ස්පීකර් පොලීසිය ගලවයි

මේ අතර, දැනට පැවැත්වෙන උසස් පෙළ විභාගයට කිසිදු බාධාවක් නොවන පරිදි ශබ්ද මට්ටම පාලනය කිරීම සඳහා ශබ්ද වික්ෂේපණ යන්ත්‍ර (sound limiters) භාවිතා කරන ලෙස පොලිසිය විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

මහජනතාව විශාල වශයෙන් රැළියට රැස්වීම ආරම්භ කර ඇති අතර, නුගේගොඩ නගරයේ ගමනාගමනයට යම් බලපෑමක් එල්ල විය හැකි බව පොලීසිය දන්වා සිටියි.

කෙසේවෙතත් නුගේගොඩදී අද (21) පැවැත්වෙන විපක්ෂයේ මහජන රැළිය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නොව ‘මහජන හඩ’ නම් සංවිධානයක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අන්තර්ජාල වැඩසටහනක් සමග එක්වෙමින් ඔහු පවසන්නේ ‘මහජන හඩ’ නම් සංවිධානයේ සමකැඳවුම්කරුවන් දෙදෙනා වන්නේ තමන් හා හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා බවයි.

'' නුගේගොඩ රැළියට ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැස්ස වළාහක දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා'' හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියයි

'' නුගේගොඩ රැළියට ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැස්ස වළාහක දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා'' හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියයි

ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව මැලිකමක් දැක්වීම පිළිබදව අවස්ථා රැසකදී විපක්ෂය චෝදනා කර සිටියා.

මේ අතර මෙම සාකච්ඡාවේදී උදය ගම්මන්පිල මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන යන අය මෙන්ම සර්වජන බලය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සුමන්තිරන්, දිගම්බරන්, මනෝ ගනේෂන්, සජිත් ප්‍රේමදාස යන කිසිවෙක් මෙම රැළියට සහභාගී නොවන බවයි.

රනිල් අද ඉන්දියාවට

රනිල් අද ඉන්දියාවට

කෙසේවෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මීට සහභාගී වන බවත් ඔවුන් වේදිකාවට නොපැමිණ ජනතාව අතර සිට තමන්ට ආශිර්වාද කරන බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළා.    

GalleryGalleryGalleryGalleryGallery