මේ අයට දෙන්නේ නැහැ කිව්ව ණය අපි දෙනවා - චතුරංග

Report

අද (21) දින පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ 2025 අපනයනය ක්ෂේත්‍රය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණු බවයි.

ඒ අනුව 7% ක අපනයන වර්ධනයක් ලඟා කර ගැනීමට සමත් වූ බව ප්‍රකාශ කළා.

එසේම දශක තුනක් විපක්ෂයට කිරීමට නොහැකි වූත් එහෙත් වත්මන් රජයෙන් කර්මාන්ත අමාත්‍යාංශයෙන් සිදු කළ කරුණු කාරණා පහළොවක් ඔහු විසින් සභාවට ඉදිරිපත් කළා.

වැඩිය සෙල්ලම් දැම්මොත් මරලා දානවා මන්ත්‍රී අර්චුනාට මරණ තර්ජන?

වැඩිය සෙල්ලම් දැම්මොත් මරලා දානවා මන්ත්‍රී අර්චුනාට මරණ තර්ජන?

"අපනයන ක්ෂේත්‍රය ජයග්‍රහණය කරන්න අපිට 2025 පුළුවන්කමක් ලැබුණා. 7% න් අපනයන වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා. ඒවගේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය ගත්තොත් 9.7ක්. IIP (කාර්මික නිෂ්පාදන දර්ශකය) මේ අවුරුදු සියයට හයකින් වර්ධනය වෙලා තියෙනවා. දළ දේශීය නිෂ්පාදනයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. ඒවගේම බැංකුවලට සින්න වෙන ණය ප්‍රමාණය 20%න් අඩුවෙලා ණය දෙන්නත් ණය ගන්නත් තියෙන හැකියාව සහ උවමනාව 20%න් වැඩි වෙලා තියෙනවා. මේ වගේම අපිට පේන්නෙ කර්මාන්තකරණයට වඩා සුදුසු බිමක් හැදිලා තියෙනවා කියලා. කර්මාන්ත අමාත්‍යාංශයට කර්මාන්තයක් විදිහට ලියාපදිංචි වෙන්න අයදුම්පත් 118ක් ආවා. ඒකෙන් අසූ නවයක් ලියාපදිංචි වෙලා තියෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයට ඉඩම් ඉල්ලලා තිස් අට දෙනෙක් කර්මාන්තකරුවෝ ඇවිල්ල තියෙනවා. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට 110ක්. එතකොට කර්මාන්ත සංවර්ධන මණ්ඩලය අලුතෙන් ලියාපදිංචි වුණු ව්‍යවසායකයො 2400 ක් මේ වසර පමණක් ඉන්නවා....එතකොට කිව්වා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ණය දෙන් නැහැ කියලා. ඒවා වැඩ කරන්න නෑ කියලා හැබැයි අපේ අමාත්‍යාංශය යටතේ ඒවා මේ වෙනකොට ව්‍යාපාර 201 ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1.3ක් සැප්තැම්බර් වෙද්දී දීල තව බිලියන තුනකට පමණ මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවගේම e friend loan ක්‍රමය යටතේත් මිලියන 400 ක් අපි ආයතන හතළිස් හතකට..මේකෙන් කියන්න පුළුවන් ඉතා සක්‍රීයව කර්මාන්තකරණය සහ ව්‍යවසායකත්වය් මේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවා කියලා. දශක තුනක් තිස්සෙ කරගන්න බැරි වෙච්චි නිශ්චිත වශයෙන් අපි කරපු කරුණු කාරණා පහළොවක් මම මේ සභාවට ඉදිරිපත් කරනවා"

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ

වාසි ගොඩක් එක්ක මේ අයට 21 ඉඳන් අලුත් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

වාසි ගොඩක් එක්ක මේ අයට 21 ඉඳන් අලුත් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්