හොලිවුඩ් නළුවෙකු පවුම් මිලියනයක් වැය කරමින් කළ දේ
හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
මයිකල් ෂීන් විසින් එංගලන්තයේ දකුණු වේල්සයේ ඒ සඳහාම ණය අත්පත් කර ගැනීමේ සමාගමක් ආරම්භ කරමින් එම කටයුතු සිදුකර ඇති බව සඳහන් වේ.
ඒ අනුව එම සමාගම හරහා බැංකු සහ මුල්‍ය සාමාගම් සමඟ සාකච්ඡා කරමින් අදාළ ණය හිමියන්ගේ තොරතුරු සහ ණය මයිකල් ෂීන්ගේ සමාගම වෙත පවරා ගෙන එම ක්‍රියාවලිය සිදු කරන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙලෙස ආයතනයක් පිහිටුවා ක්රමාණුකූලව ණය ගෙවීම් සිදු කරන්නේ තමන්ට නාස්ති කිරීමට මුදල් නොමැති බැවින් බවය.
එමෙන්ම ෂීන් පවසා ඇත්තේ තමා විසින් මෙලෙස ණය ගෙවීම් සිදුකරන පුද්ගලයින් කවුදැයි ඔවුන් කුමන පිරිසක්ද යන්න තමන් කිසිවක් නොදන්නා බවය.
වර්ථමානයේ පවතින රැකියා අහිමි වීම් සමඟ බොහෝ පවුල් ආර්ථික අතින් ඉතා අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බවත් ඔවුන් ආතතියෙන් ජීවත් වන බවත් ෂීන් පෙන්වා දෙයි.
එම පිරිසට පිළිසරණයක් ලෙස තමන් මෙම ණය අත්පත්කර ගැනීමේ සමාගම පිහිටවූ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
