මාරවිල ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර කසළ වළකින් සොයාගනී

Report

දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි බවට වාර්තා වූ මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව, සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළකින් සොයාගෙන ඇත.

පොලිසිය සැකකරන්නේ මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි ශ්‍රීජිත් ජයෂන් නමැති මෙම ව්‍යාපාරිකයා පසුගිය ජූනි 30 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී, ඊයේ (ජූලි 03) පස්වරුවේ වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසක තිබී ඔහුගේ මෝටර් රථය හමුවී ඇත. පසුව එම මිතුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, වෙන්නප්පුව, සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළක තිබී අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

පොලිසිය පවසන පරිදි, ඉකුත් ජූනි 30 වැනිදා රාත්‍රියේ ව්‍යාපාරිකයා තම මිතුරන් පස්දෙනෙකු සමඟ මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර, ඔහුගේ මළසිරුර කසළ වළකට දමා ඇති බවට සැක කෙරේ.

දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතී.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්