තවත් ඇඟලුම් කම්හලකින් කොරෝනා පොකුරක් මතුවෙයි..

Corona PHI Garment Mahiyanganaya
By Aruna Jun 10, 2021 10:23 AM GMT
Report

 මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 90ක් හඳුනාගෙන තිබේ.

ඒ අවස්ථා කිහිපයක දී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ මඟිනි. ජූනි මස 2 වන දින ඇඟලුම් සේවකයින් 100දෙනෙකුගේ ඇන්ටිජන් පරීක්ෂාවක් හසලක මහජන සෞඛ්‍ය කාර්යාලය මඟින් සිදුකර ඇති අතර එහිදී ආසාදිතයින් 18 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඉන් අනතුරුව තවත් සේවකයින් 100දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකර ඇත.

එහිදී ආසාදිතයින් 38දෙනෙකු හඳුනාගෙන තිබේ.

ජූනි මස 8 වන දින අවසන් පීසීආර් පරීක්ෂාව ඇඟලුම් සේවකයින් 385කගේ සිදුකර ඇති අතර එයින් ද ආසාදිතයින් 34ක් හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ පවුල් 120ක ප්‍රමාණයක් නිරෝධායනයට ලක්කර තිබේ.

කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වු සේවක සේවිකාවන් පිරිසක් මේ වන විට අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර, අවසන් වරට හඳුනාගත් ආසාදිතයින් අද සවස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

Lo