ලිංගික දර්ශන සංසරණයට ඉඩදුන් මෙටා සමාගමට වැඩ වරදියි - ඩොලර් ගාණයක දඩයක්

Report

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය පරිශීලකයින් නොමඟ යැවීම සහ Facebook මෙන්ම Instagram හරහා ළමුන් අනතුරට පත් කිරීමේ චෝදනාව මත Meta සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 375 ක වන්දියක් ගෙවන ලෙස අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් නියෝග කර තිබෙන බවට වාර්තාවේ.

මෙටා සමාගමට අයත් මෙම සමාජ මාධ්‍ය ජාල හරහා ලිංගිකමය වශයෙන් පැහැදිලි දර්ශනවලට ළමුන් නිරාවරණය වීම සහ ලිංගික අපරාධකරුවන් සමඟ සම්බන්ධ වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් එම සමාගම වගකිව යුතු බව ජූරි සභාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

නිව් මෙක්සිකෝවේ නීතිපතිවරයා මෙම තීන්දුව "ඓතිහාසික" ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දී ඇති අතර, ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාන්තයක් විසින් Meta සමාගමට එරෙහිව නඩු පවරා සාර්ථක වූ පළමු අවස්ථාව මෙය බව ද සඳහන් කළේය.

සති හතක් පුරා පැවති මෙම නඩු විභාගයේදී Meta සමාගමේ අභ්‍යන්තර ලේඛන සහ හිටපු සේවකයින්ගේ තීරණාත්මක සාක්ෂි ඉදිරිපත් විය.

විශේෂයෙන්ම සමාගමේ හිටපු ඉංජිනේරු ප්‍රධානියෙකු වූ ආටුරෝ බෙජාර් සාක්ෂි දෙමින් අනාවරණය කළේ, බාල වයස්කාර පරිශීලකයින්ට ලිංගිකමය අන්තර්ගතයන් නිර්දේශ වන ආකාරය තමා කළ පරීක්ෂණවලින් තහවුරු වූ බවත්, ඔහුගේම කුඩා දියණියට පවා Instagram හරහා නන්නාඳුනන පුද්ගලයෙකුගෙන් ලිංගික යෝජනාවක් ඉදිරිපත් වූ බවත්ය.

අභ්‍යන්තර පර්යේෂණවලට අනුව, එක් සතියක් තුළ Instagram පරිශීලකයින්ගෙන් 16% ක් තමන්ට අනවශ්‍ය නිරුවත් දර්ශන හෝ ලිංගික ක්‍රියාකාරකම් දර්ශනය වූ බව වාර්තා කර තිබීම ද මෙහිදී අවධානයට ලක් විය.

ගෙවල් හදන්න සිහින මවපු අයට නරක ආරංචියක් - මේකත් රු.15000කින් මිල ඉහළට

ගෙවල් හදන්න සිහින මවපු අයට නරක ආරංචියක් - මේකත් රු.15000කින් මිල ඉහළට

කෙසේ වෙතත්, මාර්ක් සකර්බර්ග්ගේ නායකත්වයෙන් යුත් Meta සමාගම මෙම අධිකරණ තීන්දුවට එකඟ නොවන බවත්, ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර තිබේ.

තමන් සිය වේදිකාවන් තුළ පරිශීලකයින් ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන බව පවසන එම සමාගම, පසුගිය කාලය තුළ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 'Teen Accounts' වැනි නව විශේෂාංග හඳුන්වා දුන් බව ද පෙන්වා දී ඇත.