දයාසිරිගේ හැසිරීම අවුල් - විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
අද (23) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, පසුගිය මැයි 20 වැනිදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළ බවයි.
ඒ අනුව, මෙම පැමිණිල්ල විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම් කර ඇත.
කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පත් කර ඇත.