​වෛද්‍ය සිසුවියකගේ නිරුවත ටෙලිග්‍රෑම් එකෙන් 8000ක් ඉන්න සමූහයකට දාලා - ටයිල් සේවකයා රිමාන්ඩ්

Report

චීනයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරන සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ටෙලිග්‍රෑම් (Telegram) සමූහයක ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ටයිල් නිෂ්පාදන සමාගමක සේවකයකු එළඹෙන 27 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම ඊයේ (17) දින නියෝග කර ඇත.

ඒ අනුව මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි තරුණියක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත අඳාළ සැකකරු මෙසේ අත්අඩගුවට ගෙන ඇත.

ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි

ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී අධිකරණයට දන්වා ඇත්තේ පැමිණිලිකාර තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සූක්ෂම ලෙස ලබාගෙන ඇති සැකකරු, අඳාළ ඡායාරූප සහ වීඩියෝ ටෙලිග්‍රෑම් සමූහයක ප්‍රචාරය කර ඇති බවයි.

එමෙන්ම එම ටෙලිග්‍රෑම් සමූහයේ සාමාජිකයන් 8000 ක් පමණ සිටින බවද සඳහන්. අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

එබැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන මෙන් නියෝග ක‍ර තිබෙනවා.

ඔයාටත් දැන් දැන් මේ ඉඟි ලැබෙනවා නම් වකුගඩුවල තත්ත්වේ භයානකයි

ඔයාටත් දැන් දැන් මේ ඉඟි ලැබෙනවා නම් වකුගඩුවල තත්ත්වේ භයානකයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට