මැදවච්චි අධිකරණයේ නිලධාරිනියක් මත්පෙති සමග මාට්ටු
මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවිකාවක මල්පෙති හතළිහක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අද සවස අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය කියයි. සැකකාරිය කෝන්වැව, උපුල්දෙනිය, පදිංචි තිස්නව හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්යය සහිකාවක ලෙස සේවය කරන්නියක බව මිහින්තලේ පොලිසිය කියයි.
වර්තමානයේ රට පුරාම මත්ද්‍රව්‍ය ජාලාව සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී පවතින අතර පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල් බද්‍දර පද්මේ ඇතුළු පිරිසද මෙම මද්‍රව්‍ය ජාවාරමට සෘජු ලෙස සම්බන්ධ වූවන් ලෙස අනාවරණය විය.
ඔවුන් මෙරටට බෙදා හැරීම සඳහා රැගෙනවා අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු බොහෝ දේ මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව දිවයින පුරා මෙහෙයුම් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වේ.