මැතිවරණ ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය මනින්න අලුත් වෙබ් අඩවියක්. (VIDEO)
මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතිය මැන බැලීම සඳහා පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් වෙබ් අඩවියක් ජනගත කිරීම ඊයේ (15) සිදු වුණා.
උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට විවිධ ආයතනවලින් මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කරන ලද මැදිහත්වීම් එහි ප්‍රගතිය ඉතා පහසුවෙන් සොයා බැලීමේ හැකියාව මෙමගින් අවස්ථාව ලැබෙනවා.
මේ වන විට ඒ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා විවිධ ආයතන මගින් මැතිවරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සිදු කළ මැදිහත්වීම්, නිර්දේශ, යෝජනා සහ නෛතික රාමුව තුළ සිදු වූ වෙනස්කම් ආදිය අදාළ මෘදුකාංගයට ඇතුලත් කරමින් පවතිනවා.