පවුල් ආරවුලක් දුරදිග ගොස් දරුවන් අටදෙනෙකු ජීවිතක්ෂයට

By R.rishma Apr 19, 2026 05:55 PM GMT
Report

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තය හි සිදු වූ දරුණු වෙඩි තැබීමකින් කුඩා දරුවන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බව සඳහන් වේ.

මෙම සිද්ධියේදී පුද්ගලයින් 10 දෙනෙකුට වෙඩි වැදී ඇති අතර, මියගිය දරුවන් වයස අවුරුදු 1 සිට 14 දක්වා වයස් කාණ්ඩවල පසුවන බවද වාර්තා වේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු වාහනයකින් පලා යාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

අදාළ දරුවන්ගෙන් කිහිප දෙනෙකු සැකකරුගේ ඥාතීන් බවද එරට ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෝච්චියේ හයියෙන් ෆෝන් එකෙන් කතා කරනවාද? අලුත්ම නීතිය මෙන්න

කෝච්චියේ හයියෙන් ෆෝන් එකෙන් කතා කරනවාද? අලුත්ම නීතිය මෙන්න

කුඩු සල්ලි වලට බිරිඳව විකුණූ තිරිසන් සැමියා - තිදරු මවක් මහනුවර වැවට පැන දිවි නසාගන්න හදද්දී හෙළි වූ බියකරු ඇත්ත

කුඩු සල්ලි වලට බිරිඳව විකුණූ තිරිසන් සැමියා - තිදරු මවක් මහනුවර වැවට පැන දිවි නසාගන්න හදද්දී හෙළි වූ බියකරු ඇත්ත