මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

Report

 2024 ජනාධිපතිවරණයේ මාතලේ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 140,544ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 121,803ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටියි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 53,829ක් පමණී.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ මැතිවරණ බල ප්‍රදේශ හැර සෙසු මැතිවරණ බල ප්‍රදේශ 3ම ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ ය.

එහි දී දඹුල්ල සහ ලග්ගල මැතිවරණ බල ප්‍රදේශ වල දී ගෝඨාභය රාජපක්ෂ 60%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගැනීමට සමත් විය.

එසේම, ගෝඨාභය රාජපක්ෂ මාතලේ දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ වැඩි ඡන්ද ප්‍රමාණය දෙවැනි වන්නේ 2010 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ වාර්තා කළ වැඩි ඡන්ද ප්‍රමාණයට පමණයි.

2019 ජනාධිපතිවරණය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 187,821 (55.37%)

සජිත් ප්‍රේමදාස- ඡන්ද 134,291 (39.59%)

අනුර කුමාර - 8,890 (2.62%)

තැපැල් ඡන්ද

ගෝඨාභය රාජපක්ෂ - 13,405 (64.43%)

සජිත් ප්‍රේමදාස - 6,164(29.63%)

අනුර කුමාර - 987(4.74%)

2015 ජනාධිපතිවරණය

මහින්ද රාජපක්ෂ- ඡන්ද 158,880 (51.41%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 145,928 (47.22%)

තැපැල් ඡන්ද

මහින්ද රාජපක්ෂ - 8,483(50.13%)

මෛත්‍රිපාල සිරිසේන- 8,394(49.60%)