මාලිමාවේ අයවැයට සහය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

Report

පළාත් පාලන ආයතනවල මෙවර අයවැය සම්මත කිරීමේදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දැනටමත් ජාතික ජනබලවේගය පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමටද ඔවුන් පියවර ගෙන ඇති බවය.

මේ පිළිබඳව ඔවුන්ගෙන් දැනටමත් නිදහසට කරුණු විමසා ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු තුනකට අධි චෝදනා

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු තුනකට අධි චෝදනා

පානදුරේ මන්ත්‍රීලා ලොකු වලියක් - උණුසුම් තත්ත්වයක්

පානදුරේ මන්ත්‍රීලා ලොකු වලියක් - උණුසුම් තත්ත්වයක්