ලංකා ඉතිහාසය උඩුයටිකුරු කළ මහා ඩොලර් වර්ෂාව - මෙතෙක් බිහිවූ ඉහළම වාර්තාව මෙන්න
2026 වර්ශය අවසාන වන විට මෙරට ඉතිහාසයේ හිමිවූ වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඔහු පැවසුවේ, 2026 වසරේ මුල් මාස හතර තුළ පමණක් මෙරටට ලැබී ඇති විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.06ක් වන අතර, එය පසුගිය වසරවල වාර්තා අභිබවා යන අගයක් බවයි.
මෙම අදහස් ඔහු පළ කළේ ඊයේ (25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙතෙක් වාර්තා වූ වැඩිම විගමණික ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේදී ලැබී ඇති අතර, එම වසරේ මුල් මාස හතර තුළ උපයා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් පමණි. එම අගය ඉක්මවා 2026 වසරේදී මේ වනවිටත් ඩොලර් බිලියන 3.06ක ප්‍රේෂණ ලැබී තිබීම විශේෂත්වයකි.
මෙම ප්‍රවණතාව අනුව, 2026 වසර අවසානයේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවූ විගමණික ප්‍රේෂණ ආදායමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මැද පෙරදිග කලාපයේ යුධමය වාතාවරණයක් පැවතියද, විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාමට හේතු වූ කරුණු ලෙස ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් වැඩිවීම, නව රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් විදෙස් රැකියා ක්ෂේත්රයට ඇති වූ විශ්වාසය සහ ශ්‍රමිකයන්ට ලබාදුන් සුභසාධන පහසුකම් ආදිය පෙන්වා දෙන ලදී.