සුරේෂ් සලේට විශේෂ ආරක්ෂාවක් - හදිසි ප්‍රතිකාරවලට ඇතුළත් කළ ජාතික රෝහල ආරක්ෂක අංශවලින් වටවෙයි

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර වෙනුවෙන් අද(07) දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ රෝහල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව ඔහුගේ ආරක්ෂාව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් කිහිපයක් රෝහල තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ රාජකාරී වෙනුවෙන් යොදවා ඇති බව වාර්තා වේ.

ඊයේ (06) දින රාත්‍රියේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබියදී පැය කිහිපයකට පෙර රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

සුළු මොහොතකට පෙර සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි

සුළු මොහොතකට පෙර සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි

ඔහු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතර මේ දක්වා පසුවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේයි.

මේ අතර සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් හෙට (08) දින පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සූදානම්ව සිටින බව සඳහන්.

දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය ලියන්න යන සලේ වෙනුවෙන් හෙට සිට කොළඹ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය ලියන්න යන සලේ වෙනුවෙන් හෙට සිට කොළඹ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්