මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද..අවසන් ගෞරව දක්වන්න නාමල් රාජපක්ෂ ඉන්දියාවට..
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ.
නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී පෙ.ව. 11.45ට මෙම කටයුතු සිදුකිරීමට නියමිත බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, අසනීප තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
වැඩිම කාලයක් ඉන්දීය අගමැති ධුරය දැරූ නායකයෙක් වන ඔහු මියයන විට 92 හැවිරිදි වියේ පසුවිය.
මේ අතර අභවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබෙනවා.
ඉන්දියාවට ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (28) පෙරවරුවේ ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ මන්මෝහන් සිංගේ දේහය අවසන් ගෞරව දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
You may like this video