එල්නිනෝ හේතුවෙන් දරුණු අවදානම් තත්ත්වයක් - ආහාර මිලට වෙන්න යන දේ මෙන්න
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඉදිරියේදී ආහාර මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අනතුරු අඟවයි.
ජූලි මාසයේදී සියයට 6.3ක්ව පැවැති කොළඹ ආහාර මිල උද්ධමනය, පසුගිය අගෝස්තු මාසය වන විට වාර්ෂික පදනම මත සියයට 8.5 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
එල්නිනෝ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි නිශ්චිත ආර්ථික හෝ කෘෂිකාර්මික අලාභය මේ අවස්ථාවේ ගණනය කළ නොහැකි අතර, එය ඉදිරි මහ කන්නයේ වර්ෂාපතනය, වගා බිම් ප්රමාණය සහ ගොවීන්ට ලැබෙන උපකාර මත තීරණය වනු ඇත.
එසේම එළැඹෙන දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ මහ කන්නයේ අස්වැන්න ලැබීමට පෙර නිවෙස්වල පවතින ආහාර තොග පහළ යා හැකි බැවින්, එම කාලසීමාව තුළ ආහාර සුරක්ෂිතතාව සහ මිල ගණන් පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව ද FAO සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.