තාවකාලිකව අත්හිටුවුනු ළමා මරණ පශ්චාත් මරණ පරීක්ෂණය
By Shehan
වයස අවුරුදු පහට අඩු ළමා මරණවලදී පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
2025 අප්‍රේල් 25 වැනිදා යොමු කළ ලිපියක දැක්වුණේ, වයස අවුරුදු 5ට අඩු ළමා මරණ අනිවාර්යයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බවයි.
එම ලිපියේ අන්තර්ගත කරුණු විද්වත් කමිටුවක් මගින් සමාලෝචනය කරන බවත්, එම කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු එම ලිපියේ ක්‍රියාත්මක වීම අත්හිටුවන බවත් අමාත්‍යාංශය දැනුම් දෙයි.
