දරුණු අනතුරක් - අයගම ආරණ්‍ය සේනාසන ප්‍රපාතයකින් වැටී පුද්ගලයෙක් මියයයි
අයගම, ඉන්දොලවත්ත ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක පිහිටි ගල් තලාවක සිට අඩි 300 ක පමණ ප්‍රපාතයකට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අයගම, දුම්බර මානාන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි. පෙරේදා දින ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති ඔහු අදාළ ඥාති නිවසට නොපැමිණීම හේතුවෙන් කළ සොයාබැලීමකදී, අයගම ඉන්දොලවත්ත "ගලේ පන්සල" නමින් හැඳින්වෙන ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයේ තිබී ඔහුගේ පාවහන් යුගලය සහ කුඩය හමුවී තිබේ.
පසුව අයගම පොලීසියට කරන ලද දැනුම්දීමකට අනුව, කුරුවිට යුද හමුදා නිලධාරීන් සහ පොලීසිය එක්ව ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඊයේ (15) දින විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර, එහිදී අදාළ පුද්ගලයාගේ මෘත දේහය අඩි 300 ක පමණ ප්‍රපාතයක තිබී සොයාගැනීමට හැකි විය.
එහෙත් දුෂ්කර භූමිකම්පනය සහ අසීරු පිහිටීම නිසා ඊයේ දිනයේදී මෘත දේහය ඇති ස්ථානයට ළඟා වීමට හෝ රාත්‍රී කාලයේදී එය ගොඩගැනීමට නොහැකි විය.
ඒ අනුව, අද (16) උදෑසන කමාන්ඩෝ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව දැඩි පරිශ්‍රමයක් යොදමින් මෘත දේහය ගොඩගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
මෙම පුද්ගලයා ආරණ්‍ය සේනාසන ප්‍රපාතයෙන් පහළට ලිස්සා ඇද වැටීමෙන් මියගියාද නැතහොත් පහළට පැන සියදිවි හානිකර ගත්තාද යන්න පිළිබඳව අයගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.