මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා
දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් විසින් සැකකරුවකුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගනිමින් බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට චෝදනා කර ඇත.
කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී දෙසැම්බර් 30 වන දින රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් 16 හැවිරිදි දැරියකට තුවාල සිදු වීමත් සමග ඊට අදාළව පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් අතින් අඳින ලද සැකකරුවෙකුගේ සිතුවමක්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත.
පසුව දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුසංඛ විසින් පසුගිය ජනවාරි පළමුවැනිදා තම ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහා කොළඹට පැමිණ ඇත. එහිදී එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇති අතර ඊට පසුදින උදෑසන කාලයේ එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ ඇත.
පසුව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය තමන්ට අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා පොලිස් නිලධාරීන් පහරදුන් බවට තරුණයා චෝදනා කර ඇත.
පසුව සැකකරුව දින 2කට ආසන්න කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා සිට පසුගිය 3 වැනිදා පස්වරුවේදී නිදහස් කර ඇති බව වාර්තා වේ. වැඩිදුරටත් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසා සිටියේ සැකපිට අත්අඩංගුවට ගත් අදාළ තරුණයාගේ තොරතුරු පරීක්ෂා කර පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගත් බවය.
එමෙන්ම ඔහුට පහරදුන් බවට පොලිසියට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසා ඇත.
අදාල සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා පවසා සිටියේ,
"සද්දයක් ඇහිලා දොර අරිනකොට සිවිල් ඇදුමෙන් පොලිසිය පිස්තෝල, T- 56 ත් එක්ක හිටියා.තුන් හතරක් හිටියා.මගෙන් ප්‍රශ්ණ කරා.මගේ ෆෝන් එක ඉල්ලුවා.මොක්ක්ද ඇහුවම කිව්වෙ වෙඩි තැබීමක් ගැන කියලා.මම කිව්වා මගෙන් වෙන්න දෙයක් තියෙනවන්ම් මම එන්නම් පොලිසියට කියලා.මම කැමැත්තෙන් ගියේ."
"මට ගහන්න ගත්තා.එක දෙක එහෙන් මෙහෙන් ගහලා බුරියට අනිනවා.ඇගිල්ලෙන් ඇදලා ගන්නවා බුරිය.පොඩි පොඩි සීන් ටිකක් දැම්මා වධ ටිකක් දුන්නා.කොණ්ඩේ ගැලෙව්වා.රැවුලෙන් ඇද්දා.කනට ගහගන ගහගන ගියා.දරාගන්න බැරි විදිහට ගැහුවා.ගහද්දි මම ඇස් පියා ගත්තා.පපුවෙනුත් ඇද්දා.මගේ කකුලේ තිබ්බ තුවාලෙ සපත්තුවෙන් පෑගුවා.මම බුදු සර් එපා කියලා වැන්දා." යයි ඔහු පවසා ඇත.

