මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)
ජාතික ජන බලවේගය පිහිටුවන ආණ්ඩුවක් යටතේ කළු සල්ලි යෙදවිය හැකි ආකාරයට රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව එහි ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඒ, අනුව මෙතෙක් ආර්ථික ක්‍රියාවලියට එක් නොවූ, ජාතික ආර්ථිකයට දායක නොවූ උපයන ලද මුදල් ජනතාව සතුව ඇති බව ද ඔහු පවසනවා.
එම මුදල් කළු සල්ලි විය හැකි වුවත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට එවන් මුදල් ද ඇතුළත් කළ හැකි බවත් සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙනවා.

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)
ලංකාවේ ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කළ හැකි ආකාරයට මෙම අරමුදල ආරම්භ කරන බවත් මුදල් ඉපයූ ආකාරය සොයමින් යාමට අවස්ථාවක් නැති බව ද ජාතික ජන බලවේගය පොලොන්නරුවේදී පවත්වන ලද සාකච්ඡාවක් අමතමින් හඳුන්නෙත්ති වැඩිදුරටත් අවධාරණය කරනවා.