දරුවා මුදලට විකුණයි ! රුපියල් ලක්ෂයකට වඩා අරන්

By Hashan May 29, 2025 08:17 AM GMT
Report

දින 22 පමණ වයසැති කුඩා සිඟිත්තියක් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලකට අලෙවි කළේ යැයි කියන මවක් කලවංචිකුඩි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

බිළිඳිය මිල දී ගත් බව කියන මඩකලපුව වෙලාවලී ප්‍රදේශයේ පදිංචි දරුවන් නොමැති කාන්තාවකද මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වී ඇත්තේ.   එසේම මුදලට විකුණා සිටි බිළිඳිය ද පොලිස් භාරයට ගෙන ඇත.

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

මේ සිඟිත්තිය මුදලට අලෙවි කළ බව කියන සැකකාර කාන්තාව මීට පෙර විවාහ වී සිටි සැමියාගෙන් වෙන් වී වෙනත් පුද්ගලයකු සමග වාසය කර ඇති අතර, ඔහුද විවාහක බිරිඳගෙන් වෙන්ව සිටින අයකු බවයි පොලිසිය පවසා සිටියේ.   

මෙම පුද්ගලයා දින විසි දෙකක් වයස තම දරුවා නිවසේ නොමැති බවට කලවංචිකුඩි පොලිසියට පැමිණිලි කර ඇති අතර, ලැබුණු එම පැමිණිල්ල මත විමර්ශන පවත්වා තිබෙනවා.  එම පැමිණිලිකරු  සමඟ එකට විසූ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වු බවයි පොලිසිය පවසා සිටියේ .

එයාලට හොඳයි, අපිට නරකයි ? මිස් ෆිව්නරල් කට අරි (Video)

එයාලට හොඳයි, අපිට නරකයි ? මිස් ෆිව්නරල් කට අරි (Video)

කෙසේ වෙතත්, කලවංචිකුඩි පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා.