කෞතුකාගාරයේ විශාල සොරකමක්
By Mithu
වසර 200කට වඩා පැරණි ලෝක ප්‍රසිද්ධ පැරිසි ලූව් කෞතුකාගාරයේ (Louvre Museum) සොරකමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධිය හේතුවෙන් කෞතුකාගාරය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
අද (19) උදෑසන කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී සොරකම සිදුව ඇති බව අනාවරණය වූ බවද එම අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත්, සොරකම් කර ඇත්තේ කුමක් ද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළි කර නැත.

අතේ සල්ලි නැතුව කරාබු දෙක උකස් කරා සර් දුප්පත් කුඩු ගහන සොල්දාදුවෝ අපි අල්ලගන්නවා - සෙව්වන්දි වමාරයි
වසර 232ක ඉතිහාසයක් ඇති මෙම ලූව් කෞතුකාගාරය 1793 වසරේදී විවෘත කර තිබේ.
එම කෞතුකාගාරය ලෝකයේ වැඩිම සංචාරකයන් බලාපොරොත්තු වන සංස්කෘතික ස්ථාන අතර එකක් වන අතර, පසුගිය වසරේ පමණක් මිලියන 8.7ක පිරිසක් එය නැරඹීමට පැමිණ ඇති බව වාර්තා වේ.