මේ අයට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුවත් කිරීමක්

Report

පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් අධික මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කළ වෙළෙන්දන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමෙන් මාස හයක කාලයක් තුළ රුපියල් ලක්ෂ 278 කට අධික දඩ මුදලක් අයකරගෙන ඇති බව සඳහන් කරයි.

ඒ අනුව අප්‍රේල් 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළ දී සිදු කළ වැටලීම්වලදී නඩු 306ක් වාර්තා වී ඇති බව සඳහන්.

අඳාළ වැටලීම්වලින් බහුතරයක් සිදු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බව වාර්තා වේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැටලීම් සංඛ්‍යාව 55 ක් වේ.

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

කොළඹට අමතරව කුරුණෑගල, අනුරාධපුර, මහනුවර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්කවලින් ද වැඩිවශයෙන් වැටලීම් වාර්තා වී ඇත.

ඒ අනුව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන බවයි.

එසේම මෑතකදී අනුමත මිලට වඩා රුපියල් 20කින් වැඩි මිලකට වතුර බෝතලයක් අලෙවි කිරීම නිසා කොළඹ ආයතනයකට රුපියල් 600,000ක දඩයක් නියම කර ඇති බවත් සඳහන්.

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

ආයෙත් දරුණු රෝගයක් හිස ඔසවයි - දැන්ම මේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න

ආයෙත් දරුණු රෝගයක් හිස ඔසවයි - දැන්ම මේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න