ආන්දෝලනාත්මක රෝයල් පාක් මිනීමරුවන්ට මෛත්‍රී දුන් සමාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද දැඩි තීරණයක් ගනී.

Report

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල යළි පහලට. - වැඩි විස්තර මෙන්න.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල යළි පහලට. - වැඩි විස්තර මෙන්න.


ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන් වන අතර මෛත්‍රිපාල සිරිසේන රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියෝග කර තිබෙනවා.

මේ අතර, අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කර ඇත.

ඔන්න ගොඩක් අය මඟ බලන් හිටිය ගුරු පත්වීම් ලැබෙන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

ඔන්න ගොඩක් අය මඟ බලන් හිටිය ගුරු පත්වීම් ලැබෙන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.


එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු වෙයි. - අලුත් මිල ගණන් මෙන්න.

ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු වෙයි. - අලුත් මිල ගණන් මෙන්න.