ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු වෙයි. - අලුත් මිල ගණන් මෙන්න.

Report

ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එලෙස ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඔන්න ගොඩක් අය මඟ බලන් හිටිය ගුරු පත්වීම් ලැබෙන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

ඔන්න ගොඩක් අය මඟ බලන් හිටිය ගුරු පත්වීම් ලැබෙන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.


ඒ අනුව ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට ද, ඒකක 30 - 60 අතර රුපියල් 20 සිට 9 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 - 90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට ද, ඒකක 90 - 120 රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමටත් යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

නව වීසා කාණ්ඩ යටතේ වීසා නිකුත් කිරීමෙන් වෙලා තියෙන දෙයක්.

නව වීසා කාණ්ඩ යටතේ වීසා නිකුත් කිරීමෙන් වෙලා තියෙන දෙයක්.


මේ අතර ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවත් එම යෝජනාව හෙට (07) හෝ සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිතයි.

ආන්දෝලනාත්මක රෝයල් පාක් මිනීමරුවන්ට මෛත්‍රී දුන් සමාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද දැඩි තීරණයක් ගනී.

ආන්දෝලනාත්මක රෝයල් පාක් මිනීමරුවන්ට මෛත්‍රී දුන් සමාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද දැඩි තීරණයක් ගනී.