මෙවර ආසනය අහිමි වූ මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමු ගනියි..(VIDEO)

Parliament of Sri Lanka Mahindananda Aluthgamage Sri Lanka
By Piyumika Nov 16, 2024 07:14 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

අද (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙවර මහ මැතිවරණයේ දී නාවලපිටිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ හිටපු අමාත්‍යවරයාට සිය ආසනය අහිමි වුණේ ජාතික ජන බලවේගය හමුවේ දැවැන්ත පරාජයක් ද අත්පත් කරගනිමින්.

ජන්ද නිවාඩුවට ගමේ ගිය අයට ආපසු එන්න අද සිට බස් සේවා..

ජන්ද නිවාඩුවට ගමේ ගිය අයට ආපසු එන්න අද සිට බස් සේවා..

දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළ බව ද හෙතෙම ප්‍රකාශ කළා.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කළ මහින්දානන්ද මහතා හට හිමිවුණේ ඡන්ද 20401ක් පමණයි.

පාර්ලිමේන්තු මුලසුන දැරීමේ බලතල පිළිබද නිවේදනය..

පාර්ලිමේන්තු මුලසුන දැරීමේ බලතල පිළිබද නිවේදනය..

තම දේශපාලන ගමනේ දි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කළ ද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැඳී සිටියේ තම ආසනයේ ජන්ද දායකයින් වෙනුවෙන් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

තම දේශපාලන ගමනේ දී තමන්ට නන් අයුරින් උපකාර කළ – නොකළ සියලු දෙනාට සිය ස්තුතිය පුද කරන බව ද හිටපු අමාත්‍යවරයා පැවසුවා.

ReeCha