ජනපති අපේක්ෂකත්වය තීරණය කිරීම මහින්ද රාජපක්ෂට භාරදෙයි..

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ස්ථාවර සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය එම පක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබෙන බව වාර්තා වනවා.

ඊට පෙරාතුව අද(27) හා හෙට(28) දෙදින තුල පක්‍ෂයේ ඉහලම නායකයන් හමුවී තව දුරටත් දීර්ඝව සාකච්චා කිරීමට නියමිතව තිබේ.

හිටපු ජනපති හදිසියේම විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

හිටපු ජනපති හදිසියේම විශේෂ නිවේදනයක් නිකුත් කරයි..


ඒ අනුව, එම පක්ෂයේ තීරණය එළැඹෙන 29 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

අද හා හෙට දෙදින තුළ පක්ෂයේ ප්‍රධානීන් අතර මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

දැනටමත් එම පක්ෂය සැලකිය යුතු මට්ටමට දෙකඩ වී ඇති අතර, වැඩි කොටසක් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ඉදිරිපත් වී සිටීම ද විශේෂත්වයක්.

ඉන් පිරිසක් දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාට ද ඒ බව දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..

ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..


ජනාධිපතිවරයාට සහාය දීමෙන් වැළකී වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි, තවත් පිරිසක් කියා සිටින්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනා සම්බන්ධයෙන් අද හා හෙට යන දෙදින දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.