මහින්ද සියල්ල අතැරලා දාලා යයි - ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්ලු!

Shehan
Report this article
ජනපති අනුරගේ හිතේ මහින්ද සිරිවර්ධන ගැන තිබූ දුක, ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ඉතා හැඟීම්බර ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ඊයේ (21) අනුරගේ පාර්ලිමේන්තු කතාවේ අවසාන කොටසේදී ස්තූති කළ පිරිස අතර සිටි මහින්ද සිරිවර්ධන, මෙම අයවැය සැකසීමට දිවා රෑ නොබලා අතිශය උත්සාහයෙන් හා මහන්සියෙන් කටයුතු කළ පුද්ගලයෙකු බව ඔහු සඳහන් කළේය.
එහෙම හිටිය අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන තවත් මාස තුනකින් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව හෙළි වී තිබේ.
ඔහු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් වී, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ‘ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධ්‍යක්ෂ’ ධුරයේ වැඩ භාර ගැනීමට සූදානමින් සිටින බව සඳහන් වේ.
මෙම අධ්‍යක්ෂ ධුරය වසර 12කට වරක් පිරිනැමෙන අතර, එම තනතුර සඳහා නමක් යෝජනා කරන ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව, ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නම යෝජනා කර ඇති බව පැවසේ.
මෙම කාර්යාලය පිලිපීනයේ මැනිලා නුවර පිහිටා ඇති අතර, තව මාස තුනකින් පුරප්පාඩු වන මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත් කිරීමට යෝජනා වී ඇති බව ද හෙළි වී තිබේ.
කෙසේ වෙතත් ජනපති අනුර කුමාර දිසානායක මහින්ද සිරිවර්ධනගේ සෞඛ්‍ය තත්ත්වය ඔය තරම්ම අසාධ්‍ය නම් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයා හැටියට ඔය මනුස්සයව පත් කරලා යවන එකෙන් සිද්ධ කරන්නේ අවැඩක් ද කියලා සමාජ මාධ්යේ වැඩි කතාබහට ලක්ව ඇත.
