"..ප්‍රමාද වෙලා හරි යුක්තිය ලබුණා.." හිටපු මැකෝගෙන් කනේ පහරක්..

Report

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ, මැතිවරණයක් කල්දැමීම වැරදි ක්‍රියාවක් බවට අධිකරණය පිළිගැනීම ජනතාව ලද ජයග්‍රහණයක් බවයි.

ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අනුරාධපුරයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මහින්ද දේශප්‍රිය මහතා,

"ඕනම ඡන්ද විමසීමක් නොපැවැත්වීමෙන් හෝ කල්දැමීමෙන් ජනතාවගේ අයිතිවාසිකම් කඩ වන බව මීට පෙර කිහිප සැරයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙද්දී මේ තීන්දුව ලැබීම පුදුමයට කරුණක් නෙමෙයි.

ඒක මම දකින්නේ යුක්තිය ලැබිලා තිබෙනවා... නමුත් ප්‍රමාද වෙලා. ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහාම මේ වසරේදීම මෙම ඡන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාව ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා."

2009ට පෙර රියදුරු බලපත්‍රය ගත්තා නම් බලපත්‍රය අවලංගු කරනවා...මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්..!

2009ට පෙර රියදුරු බලපත්‍රය ගත්තා නම් බලපත්‍රය අවලංගු කරනවා...මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්..!