මහේල පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී සිදු කළ විශේෂ දෙයක් ගැන ලෝකයේම අවධානයට.
එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට ද ඊයේ අවස්ථාව හිමි වුණා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ ලෝඩිස් පිටියේ දී දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු ලෙස මහේල ලෝඩ්ස් පිටියේ සීනුව නාද කළා.
මීට පෙර මෙලෙස සීනුව නාද කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ සිදත් වෙත්තමුණි,කුෂි ගුණසේකර, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, චමින්ද වාස් සහ කුමාර් සංගක්කාර යන ක්‍රීඩකයෝ බවයි පැවසෙන්නේ.