ශ්‍රී ලංකා කණ්ඩායම පැරදුනු හේතුව මහේල හෙළිකරයි - කුසල් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි..!

Report

ජයග්‍රහණය කිරීමට තිබූ තරග පරාජය වූයේ ක්‍රීඩකයන්ගේ අඩුපාඩු හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගීවන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එමෙන්ම පන්දු යැවීමේ අංශයේ අඩුපාඩු විශේෂයෙන්ම සකස් කර ගත යුතුව ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

මේ අතර, තරග පරාජය වීම ගැන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

 එමෙන්ම කණ්ඩායමේ නායකයා ලෙස තමාට කිසිදු පුද්ගලයෙකුගෙන් බලපෑමක් සිදු නොවූ බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කැඳවූ විශේෂ සාකච්ඡා (LIVE VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කැඳවූ විශේෂ සාකච්ඡා (LIVE VIDEO)