පාසල් ළමුන්ට විකුණන්න තිබු මදනමෝදක ගුලි තොගයක් නුවරඑළියෙන් අත්අඩංගුවට
By Malith Madushan
පාසල් ළමුන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි 3,755ක් සමඟ සැකකරුවෙකු නුවරඑළියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිදු බලපත්‍රයක් නොමැතිව නුවරඑළිය පැරණි කඩ වීදියේ පිහිටි වෙළෙඳසලක මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු ආයුර්වේද වෙළෙඳසලක් පවත්වාගෙන යන මුවාවෙන් මදනමෝදක ගුලි අලෙවි කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
"එදා කොස්ගොඩ තාරකලා මරද්දී මීක් නොකියපු අය අද කිඹුල් කඳුළු හලනවා" - සුදේශ් නන්දිමාල් දේශපාලකයින්ගේ රෙදි ගලවයි
මෙම ස්ථානයට නිරන්තරයෙන් තරුණ පිරිස් පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත නුවරඑළිය පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු සහ අදාළ මදනමෝදක ගුලි තොගය නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.