සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කළ යුතු නැහැ - ප්‍රංශ ජනාධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීම

Report

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර තහනම් කළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඉරානයේ සහ කටාර්හි ගෑස් නිෂ්පාදන ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව ඔහු එක් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සටහනේදී ජනාධිපති මැක්‍රෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් එමීර්වරයා සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

මෙම ප්‍රකාශය මඟින් මැදපෙරදිග යුද්ධය තීව්‍ර වෙමින් පවතින පසුබිමක සිවිල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස සැලකේ. ප්‍රංශය මෙම තත්ත්වය කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් ලෙස දකින බව ද ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

ඉරානයේ ලොව විශාලතම ගෑස් නිධිවලට දරුණු ප්‍රහාර මාලාවක්

ඉරානයේ ලොව විශාලතම ගෑස් නිධිවලට දරුණු ප්‍රහාර මාලාවක්

සෑම ලේ බිඳුවකටම මිලක් තියෙනවා.. ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කළාට වන්දිය ගන්නා බවට ඉරානයෙන් අනතුරු අඟවයි

සෑම ලේ බිඳුවකටම මිලක් තියෙනවා.. ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කළාට වන්දිය ගන්නා බවට ඉරානයෙන් අනතුරු අඟවයි