LPL තරග පාවාදීමක් - අධිචෝදනා භාර දෙයි

Report

 අද (12) කොළඹ මහාධිකරණය හමුවේ , පසුගිය වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට අධිචෝදනා භාර දී ඇත.

ඒ අනුව අදාල නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට භාරදීම සිදුවිය.

බෝම්බ ප්‍රහාර මැද පාකිස්ථානයට තියුණු ජයක්

බෝම්බ ප්‍රහාර මැද පාකිස්ථානයට තියුණු ජයක්

පසුව විත්තිකරු රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කර ඇත. එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදාහැරුණු බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේය.

එමෙන්ම ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු බවත් මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරුට වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳීසිටින අතර මේ හේතුවෙන් ඔහුගේ පෞද්ගලික කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුත් අඬාල වී තිබෙන බවත්ය.

ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද

ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද

   

වැඩිදුරටත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේ විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදුකර තිබෙන බවත්ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ, විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය. ඉන් අනතුරුව නඩුව දෙසැම්බර් මස 8 වන දා කැඳවීමටද නියම වුණි.