බෝම්බ ප්‍රහාර මැද පාකිස්ථානයට තියුණු ජයක්

By Shehan Nov 12, 2025 02:27 AM GMT
Report

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය අතිශයින් උණුසුම් වෙමින් තිබියදීත්, රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (11) පැවති පළමු එක්දින තරඟයේදී පාකිස්තානය ශ්‍රී ලංකාව ලකුණු 6කින් පරාජය කරමින් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් ගියේය.

සල්මන් අලී ආගාගේ සටන්කාමී නොදැවුණු ශතකය (පන්දු 87කින් 105) සහ වේගපන්දු යවන හැරිස් රවුෆ්ගේ කඩුලු 4ක් (4-61) මත ගොඩනැගුණු මෙම ජයග්‍රහණය සමඟම, තරඟය පැවති දිනම උදෑසන ඉස්ලාමාබාද් නුවරදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12ක් මියගොස් 30කට අධික පිරිසක් තුවාල ලැබූ ඛේදවාචකයද රට පුරා කතාබහට ලක්ව තිබේ.

බෝම්බ ප්‍රහාර මැද පාකිස්ථානයට තියුණු ජයක් | Pakistan Vs Sri Lanka 1St Odi

ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වටා ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය (PCB) නිල වශයෙන් දන්වා සිටියි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළේය.

පාකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 299ක් රැස්කළේය.

සල්මන් ආගා - 105* (87), හුසේන් තලාත් - 62, මොහොමඩ් නවාස් - නොදැවී 35 

ශ්‍රී ලංකා පන්දු යැවීමෙන් වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 300ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 293ක් පමණි.

සදීර සමරවික්‍රම - 39, කමින්දු මෙන්ඩිස් - 38, පැතුම් නිස්සංක - 29

බෝම්බ ප්‍රහාර මැද පාකිස්ථානයට තියුණු ජයක් | Pakistan Vs Sri Lanka 1St Odi

හැරිස් රවුෆ්ගේ අවසන් ඕවර කිහිපයේදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 7ක් පමණක් රැස්කිරීමට හැකිවූයේ නැත.

තරගාවලියේ දෙවැනි එක්දින තරඟය නොවැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.