අද රාත්‍රියේ LPL විශේෂ වෙයි..වනිඳු සහ චරිත් දැවැන්ත සටනනට සැරසෙයි..
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, චරිත් අසලංක නායකත්වය දරණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ වනිඳු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග වීම විශේෂත්වයක්.
එම තරගය අද (20) රාත්‍රී 7.30ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.