තරුණ තරුණියන් ලිංගිකව එකතු වෙනවනම් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Report

පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සඳහන් කළේ, මේ වන විට වාර්තා වී ඇති වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 3,169 ක් බවයි.

එච්.අයි.වී රෝගය සමඟ ජීවත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2022 වර්ෂයේ දී 607 ලෙස වාර්තා වී ඇති අතර, 2023 වර්ෂයේ දී එම සංඛ්‍යාව 694 ක් ලෙස ඉහළ යාම සියයට 14 ක වර්ධනයක් ඇති බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.

සඳුදා සිට සති 02ක් පාසල් සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න..

සඳුදා සිට සති 02ක් පාසල් සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න..


මෙම රෝගීන් 694 දෙනාගෙන් 613 දෙනෙක් පිරිමි පුද්ගලයින් බවයි පැවසෙන්නේ.

මේ අතර, විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, 15 සහ 24 යන නව යොවුන් විය ලෙස සැලකෙන වයස් කණ්ඩය අතරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.