LP ගෑස් සැපයුම ගැන රජය ගත් තීරණය.
ලබන දෙසැම්බර් මස 31 වනදායින් ලිට්‍රෝ සමාගම වෙත LP ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයාගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව අවසන් වීමට නියමිතයි.
ඒ අනුව 2024 – 2025 කාලසීමාව සඳහා LP ගෑස් සැපයීම වෙනුවෙන් ලංසු කැඳවා තිබෙනවා.
මේ වන විට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
ඒ හේතුවෙන් නව ගිවිසුම්වලට එළඹීම අදාළ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බවට පෙනී යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් බාධාවකින් තොරව LP ගෑස් මිල දී ගැනීම සඳහා රජයේ ප්‍රසම්පාදන මර්ගොපදෙශවල විධිවිධාන පරිදි නැවත ඇණවුමක් වශයෙන් දැනට ක්‍රියාත්මකව පවතින කාලීන කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
මෙලෙස අනුමැතිය හිමි වී තිබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවටයි.
