රජයෙන් අඩු පොලියට සහන ණයක් හදුන්වා දෙයි..පොලී අනුපාතය සහ ණය ගන්න පුළුවන් පිරිස මෙන්න..

Report

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා 7%ක සහනදායී පොලී අනුපාතයක් සහිත නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ අරමුණින් දියත් කර ඇති මෙම නව යෝජනා ක්‍රමයට ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත රුපියල් බිලියන 50 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි, රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ජාතික රූපවාහිනියට ගිනි තැබීමක්.. අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවයි.(PHOTOS)

ජාතික රූපවාහිනියට ගිනි තැබීමක්.. අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවයි.(PHOTOS)


ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්, අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

මෙම යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උපරිම වශයෙන් රුපියල් මිලියන 10ක් දක්වා ණය ලබා ගැනීමට හැකියාව තිබේ.

මීට අමතරව කුඩා තේ වතු සංවර්ධනයට රුපියල් බිලියන 06ක් වෙන් කරන අතර කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කරන බවද ඇමැතිවරයා අවධාරණය කළා.

අමාත්‍යවරයා මෙම තොරතුරු හෙළි කළේ රජය සිය ආර්ථික ප්‍රකෘතිමත් ප්‍රයත්නයන්හිදී ගෙන ඇති ධනාත්මක පියවර පිළිබඳව අදහස් දක්වමින්.

අද සිට භාණඩ රැසක මිල ගණන් පහත දමයි..නව මිල ගණන් ලයිස්තුව මෙන්න..

අද සිට භාණඩ රැසක මිල ගණන් පහත දමයි..නව මිල ගණන් ලයිස්තුව මෙන්න..


ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීමට සහ ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා මෙම වසරේ මාර්තු මාසයේදී ADB විසින් ඩොලර් මිලියන 100 ක ණයක් අනුමත කරන ලදී.