ඇත්තටම එයා කෙල්ලෙක්ද ?

Report

ආදරය කියන්නේ ලෝකේ පිවිතුරුම හැගීමක් . ඒක සම්මතද අසම්මත ද කියන එක අදාළම නැත .

කොහොම හරි මේ කතා කරන්න යන්නේ අසම්මත පෙමකට අවසානයේ වෙච්ච ඉරණමක් ගැන .  මේ සිදු වීම වාර්තා වෙන්නේ රත්නපුර ප්‍රදේශයෙන්.   

සිද්ධිය මෙන්න මෙහෙම යි වෙලා තියෙන්නේ .......

තරුණ විවාහක යුවළක් අතර ඇති වුණ අඩදබර වීමක් හේතුවෙන් කලකිරීමට පත් වෙච්ච තරුණිය කොළඹ ප්‍රදේශයට ඇවිල්ල තාවකාලික රැකියාවක නිරතව වෙලා තියෙනවා.   කොහොම හරි ටික කාලයක් යද්දී මේ තරුණියට පෙම්වතෙක් මුණ ගැහිලා .

දෙන්න කොහොම හරි ආදරෙන් හිටියා කියල තමයි දැන ගන්න ලැබුණේ.   

ජනප‍්‍රිය නිළියක් ගිනි අවි ජාවාරමක? ගෙවල් search කරයි

ජනප‍්‍රිය නිළියක් ගිනි අවි ජාවාරමක? ගෙවල් search කරයි

පෙම් යුවල ඉකුත් සති අන්තයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක දෙදෙනා සතියක් පමණ කාලයක් ගත කරලා තියෙනවා....   

හෝ ... හෝ ..... තව ම කතාවේ ඇත්තම තැනට ආවේ නෑ ........ඉතුරු ටිකත් කියවන්න කෝ ..........   

මේ අතර සැමියාගෙන් වෙන්වෙලා කොළඹ ගිය දියණිය ගැන ආරංචියක් දැන ගන්න නැති හින්දා ගෙදර අය තමන්ගේ දියණිය ගැන හොයල බලල තියෙනවා.   පස්සේ මවට දැන ගන්න ලැබිලා තියෙනවා තමන්ගේ දියණිය අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක සිටින බවට.   

දියණිය සොයා ගිය මව දියණියත් ඇගේ පෙම්වතාත් එක්ක ආපහු ගෙදරට එක්කරගෙන ඇවිල්ල තියෙනවා ...

ඒ කියන්නේ අර කොළඹ දී හම්බවෙච්ච පම්වතා හරිද ........

කොහොමෙන් කොහොම හරි දුවගේ අලුත් පෙම්වතා ගැන අම්මට පොඩ්ඩක් සැක හිතිලා තියෙනවා . ඉතින් අම්මා කරලා තියෙන්නේ දියණියගේ අලු‍ත් පෙම්වතා ගැන පොලීසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරපු එක.   

කතාවක් තියෙනවනේ අම්ම කෙනෙකුට කිසිම දෙයක් හංගන්න බෑ කියලා .....

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

අන්තිමේ දී දෙන්නවම පොලිසියට කැඳවලා ප්‍රශ්න කිරලා තියෙනවා.   ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වෙලා තියෙන්නේ මෙච්චර කාලයක් දියණියගේ අලුත් පෙම්වතා විදියට හැසිරිලා තියෙන්නේ පිරිමියකුගේ වෙස්වලාගෙන සිටි කාන්තාවක් බවට.