ස්පා කෙල්ලගේ ප්ලැන... ආදරය මරණයෙන් අවසන්...!!!
35 හැවිරිදි පුද්ගලයකු පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කර, ඔහුගේ සිරුර පුළුස්සා දමා තිබියදී එම අස්ථි කොටස් සොයා ගත් බවත් එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පිරිමි පුද්ගලයන් තිදෙනක් සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අමානුෂික අන්දමින් ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය කූලික්කඩ ලිපිනයේ පදිංචිව සිටි ධර්මදාසගේ අෂාන් බුද්ධික නමැති 35 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාත්තන්ඩිය, එප්පාවල සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 28 සහ 36 වියේ පසුවන අනුරාධපුර ‘ස්පා’ මධ්‍යස්ථානයක සේවය කළ වාරියපොළ, අවුලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.
මරණකරු ඉකුත් 21දා නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා මැදවච්චිය අධිකරණයට ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින්, තම සැමියා අතුරුදන් බවට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන සිදු කරමින් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මෙම ඝාතනයට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබුණි.
‘ස්පා’ ආයතනයේ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු සමග ප්‍රේම සබඳතාවක් ගොඩනඟාගෙන ඇති 22 හැවිරිදි සැකකාරිය, මරණකරු විසින් තමාට නිරන්තරයෙන් කරදර කරන බවට දැනුම් දීමෙන් අනතුරුව, සේවාව ලබා ගැනීමට පැමිණි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එම ප්‍රධාන සැකකරු යාළුවන් පිරිසක් සමග මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව අනුරාධපුර නගරයෙන් මෝටර් රථයක් කුලියට ගෙන, මරණකරු සූක්ෂම ලෙස අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අසලට කැඳවා, මැදවච්චිය ප්‍රදේශයට රැගෙන ගොස්, රඹෑව මාර්ගයේ රට බීම හලකින් මත්පැන් පානය කර එය මරණකරුටද බීමට සලස්වා, වීදුරු බෝතලයකින් හිසට පහරදී මරණකරු ඝාතනය කළ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
පහර දීමෙන් අනතුරුව මරණකරු සිහිසුන් වූ බවට සැකකර මෝටර් රථයේ දමා ගෙන මහවිලච්චිය මාර්ගයේ ලෝලුගස්වැව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් සිටියදී එහිදී ජීවිතක්ෂයට පත්වූ පසු ඔයාමඩුව පොලිස් වසමේ දුනුමඩලාව රක්ෂිතය ආසන්නයට රැගෙන ගොස් මරණකරුගේ සිරුරට ටයර් හා පෙට්‍රල් දමා ගිනි තැබූ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් ලද තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක සුනිල්, සැරයන්වරුන් වන අජිත් (47319), දිසානායක (4342), දේශප්‍රිය (49013), ඉන්දික (47836), කුලතිලක (29655) සහ විමලසේන (62953) යන නිලධාරීහු මරණකරු පුළුස්සා දමා තිබූ ස්ථානය සොයා ගෙන අස්ථි කොටස් සොයා ගත්හ.
