මාලිමාව ලංකාවම හොල්ලයි.. මහ මැතිවරණයෙන් වැඩිම මනාප ගත් 5 දෙනා කවුද දන්නව ද?.

Report

ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වැදුණු අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප වාර්තාවට හිමිකම් කියයි.

ඒ මනාප ඡන්ද 716,715ක් ලබා ගනිමින් ය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණය - තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට්ටුව එළියට..(PHOTOS)

2024 පාර්ලිමේන්තු මැතිවරණය - තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට්ටුව එළියට..(PHOTOS)

ඒ 527,364ක මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගය යටතේ තරග කරනු ලැබූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගණනක් ලබා ගත් අපේක්ෂිකාව බවට පත් විය.

එලෙස අග්‍රාමාත්‍යවරිය තැබූ වාර්තාව පැය කිහිපයක් යන්නට මත්තෙන් අලුත් කරමින් අමාත්‍ය විජිත හේරත් ඉතිහාසයේ වැඩිම මනාපලාභියාට හිමි වාර්තාව පිහිටුවනු ලැබීය.

වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත් වෛද්‍ය නලින් ද ජයතිස්ස තුන් වැනි ස්ථානයට පත් විය.

ඒක එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි.. පරණ වාර්තා බිඳ හෙළමින්.. අලුත්ම වාර්තා රැසක් තැබූ මාලිමාව..

ඒක එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි.. පරණ වාර්තා බිඳ හෙළමින්.. අලුත්ම වාර්තා රැසක් තැබූ මාලිමාව..

ඒ අනුව ඔහු මනාප 371,640 ලබා ගත්තේ කළුතර දිස්ත්‍රික්කයට තරග කරමින් ය.

එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 356,969ක් ලබා ගනිමින් නාමල් කරුණාරත්න සිව්වන ස්ථානයට පත්විය.

කෙසේ වෙතත්, කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරමින් පස්වැනි ස්ථානයට පත් විය.

ඒ මනාප ඡන්ද 316,951ක් ලබා ගෙනයි.