ඡන්දයට හරස් වූ අලුත්ම ප්‍රශ්නය - හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් පළාත් පාලන ආයතන 340 ක නිල කාලයත් අවසන්..!
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය, 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව එම කොමිසමට දැනුම් දී තිබේ.
මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු වුවද ඒ සඳහා මේ වනතෙක් මුදල් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කර තිබේ. රුපියල් කෝටි 20ක මුදලක් ඡන්ද ප්‍රතිකා මුද්‍රණය සඳහා මේ වනවිට වැයවී ඇති අතර මේ දක්වා කොමිසමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 4ක මුදලක් පමණක් බවද මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය.
මේ දක්වා වැය වූ මුදල් නොලැබීම හේතුවෙන් මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගන යාමේ අර්බුදයක්ද මතුව ඇති බව ඇය සදහන් කරනවා. පවතින තත්ත්වය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා එළඹෙන සඳුදා දිනය වනවිට කොමිසමට භාරදිය නොහැකි බවද ඇය සඳහන් කළාය.
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබුනහොත් තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවය.
මේ අතර පළාත් පාලන ආයතන 340 ක නිල කාලය හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන අද දිනය තුළ කොමසාරිස්වරුන්ට හා ලේකම්වරුන්ට භාර දිය යුතුය.
එමෙන්ම එම ආයතනවල සභිකයින් සඳහා ගෙවන දීමනාවන්ද මාර්තු පළමුවනදා සිට මාර්තු 19 වනදා දක්වා පමණක් ගෙවීමටද තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
