මහින්ද, මෛත්‍රී, ගෝඨා ඡන්දය දාන්න ආවද?

Report

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරු ඊයේ (06) ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ නොමැති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වය හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නොමැති බවත්, ඔහුගේ දකුණු දණහිසට පසුගියදා ශල්‍යකර්මයක් සිදුකර ඇති බවත් වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන මහත්වරු පෞද්ගලික හේතු මත ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නොමැති බව පැවසේ.

නමුත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්দය ප්‍රකාශ කර ඇත.

චෙස් ක්‍රීඩාවේ රජු පරාජය කර ජයග්‍රහණය කරන සජිත්! - කාටද මේ නෝන්ඩි...

චෙස් ක්‍රීඩාවේ රජු පරාජය කර ජයග්‍රහණය කරන සජිත්! - කාටද මේ නෝන්ඩි...

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ ඉල්ලීමක්

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ ඉල්ලීමක්