මේ පාරත් මාලිමාවට බලය දෙන්න.. ඔයාලට පව් පිරෙන්නේ නෑ…
මාලිමාව යනු තමන්ට ඡන්දය නොදුන්, ගල්මුල් ගසන පිරිසකට පහසුවෙන් ඉලක්ක කළ හැකි කණ්ඩායමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසයි.
මාලිමා කණ්ඩායමට වෙඩි තැබීමට පෙර හොඳින් සිතා බැලිය යුතු බවත්, ඔවුන් තෝරාගෙන ඇත්තේ ජනතාව බවත් ඇය අවධාරණය කරයි.
රට ගොඩනැඟීමේ පිවිතුරු අරමුණින් ජනතාව වෙත පැමිණෙන තම කණ්ඩායමට බලය ලබාදීමෙන් පව් නොපිරෙන බව නිලන්ති කොට්ටහච්චි සඳහන් කළාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජන හමුවකදීය.