දිට්වා සුළි කුණාටුවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය විමසා බැලීමට තීරණයක්

Report

දිට්වා සුළි කුණාටු ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සහ නිල සන්නිවේදන ක්‍රියාවලිය සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

ආපදා තත්ත්වයට මුහුණ දීමේ පූර්ව සූදානම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා ඉදිරිපත් කිරීමට පත්කළ මෙම කාරක සභාව, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස් විය.

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

මෙහිදී 2025 නොවැම්බර් 23 සිට 27 දක්වා පැවැති අධික වර්ෂාව සහ ගංවතුර හමුවේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල සිදු වූ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයන්ගෙන් සහ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බලන ලදී.

පූර්ව අනතුරු ඇඟවීම්, ආයතනික සන්නිවේදනය, හදිසි ප්‍රතිචාර දැක්වීම් මෙන්ම නිතිපතා ආපදා පෙරහුරු පැවැත්වීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

මෙම කාරක සභා රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියහ.